CEB | Procument

ටෙන්ඩර් දැන්වීම් ටෙන්ඩර් ප්‍රදානයන් ලංවිම පිරිවිතර පිළිබඳ ප්‍රමිති


ලංවිම බෙදාහැරීම් අංශවල ටෙන්ඩරවල සඳහන් ද්‍රව්‍ය සඳහා බලයලත් පරික්ෂණාගාරයක් මඟින් නිකුත් කරන ලද වර්ග අනුකූලතා තක්සේරු වාර්තා (Type Test Reports) ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය වේ.

නවතම පිරිවිතරයන්ට අනුව ලංසුකරුවෙකුට පහත නිර්නායකවලට අනුගතව, බලයලත් පරික්ෂණාගාරයක් මඟින් නිකුත් කරන ලද අනුකූලතා තක්සේරු වාර්තා (Type Test Reports) ඉදිරිපත් කළ හැකිය.


“පහත නිර්ණායකයන් දෙකින් කිනම් හෝ එකක්,

(අ.) ලංකා විදුලිබල මණ්ඩලයට පිළිගත හැකි, බලයලත් ස්වාධීන පරික්‍ෂණාගාරයක් මඟින් හෝ

(ආ.) ලංකා විදුලිබල මණ්ඩලයට පිළිගත හැකි, බලයලත් ස්වාධීන පරික්‍ෂණාගාරයක, ලංවිම විසින්ම හෝ ලංවිමට පිළිගත හැකි, කීර්තිමත් ආයතනයක නිරීක්ෂණය සහිතව සිදුකරනු ලබන පරීක්ෂණ මඟින්.”


තවද, 2022 මාර්තු මස 01 වැනිදාට පසු ලංකා විදුලිබල මණ්ඩලය විසින් පිළිගනු ලබන්නේ, බලයලත් ස්වාධීන පරීක්ෂණාගාරවලින් නිකුත් කරනු ලබන අනුකූලතා තක්සේරු වාර්තා (Type Test Reports) පමණි. (ඉහත නිර්ණායක (අ.) හි සඳහන් වන පරිදි)


එසේ බලයලත් ස්වාධීන පරීක්ෂණාගාරවලින් අනුකූලතා තක්සේරු වාර්තා (Type Test Reports) ලබාගෙන නොමැති නිෂ්පාදකයින් 2022 මාර්තු මස 01 වැනි දින වන විට එම වාර්තා ලබා ගැනීමට කටයුතු කරන්නේ නම් මැනවි. එදින දක්වා වන කාල වකවානුව තුළ පමණක් නිෂ්පාදකයින් හට ලංකා විදුලිබල මණ්ඩලයට පිළිගත හැකි, බලයලත් ස්වාධීන පරික්‍ෂණාගාරයක, ලංවිම විසින්ම හෝ ලංවිමට පිළිගත හැකි කීර්තිමත් ආයතනයක නිරීක්ෂණය සහිතව සිදුකරනු ලබන පරීක්ෂණ මඟින් ලබා ගන්නා ලද අනුකූලතා තක්සේරු වාර්තා (Type Test Reports) ඉදිරිපත් කළ හැකිය (ඉහත නිර්ණායක (ආ.) හි සඳහන් වන පරිදි)

පිරිවිතර බාගත කරගන්න

Insulated Conductors & Accessories

Bare Conductors & Accessories

TRANSFORMERS AND RELATED ITEMS

Energy Meters

POLES & TESTING

SWITCHGEAR AND PANELS

SAFETY AND PERSONNEL PROTECTIVE EQUIPMENT

TOOLS

රථවාහන

TESTING AND MEASURING DEVICES

DISTRIBUTION LINE HARDWARE

විදුලි අවියුරු (Electrical Instruments)

වර්ගීකරණය නොකළ (Non Classified)