නව වසරේ රාජකාරි ආරම්භ කිරීම ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානයේ දී 2026 ජනවාරි මස 01 වැනි දින සිදුකෙරිණ. ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව නව වසරේ වැඩ ආරම්භ කිරීම සනිටුහන් කරමින් ජාතික ධජය එසවීම ලංවිම උප සභාපති, මහාචාර්ය සාලිය ජයසේකර මහතා විසින් සිදු කරන ලද අතර, ලංවිම ධජය එසවීම ලංවිම සාමාන්‍යාධිකාරි, ඉංජිනේරු. කේ.එස්.අයි. කුමාර මහතා අතින් සිදු විය.
අනතුරුව 2026 නව වසරේ රාජකාරි ආරම්භ කිරීම නිමිති කරගත් වැඩසටහන පවත්වන ලද අතර, එහිදී ලංවිම සාමාන්‍යාධිකාරි, ඉංජිනේරු. කේ.එස්.අයි. කුමාර මහතා විසින් ප්‍රධාන දේශනය පවත්වන ලදී.
මෙම අවස්ථාවට ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සේවක මහත්ම මහත්මීන් රැසක් ද සහභාගී විය.
තවද, දිවයින පුරා සියලුම ලංවිම අංශ/ශාඛා/ඒකක ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් එම කාර්යාල පරිශ්‍ර තුළ රාජ්‍ය සේවා ප්‍රතිඥාව/දිවුරුම ප්‍රකාශ කිරීම සඳහා කටයුතු කරන ලදී.