CEB | Visit Our Power Plants

සේවා ගිවිසුම්

මෙම කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන ලියාපදිංචි ආයතනවලට ලංකා විදුලිබල මණ්ඩලය සමග පහත සඳහන් ආකාරවල ව්‍යාපාර කළ හැකිය. සේවා කොන්ත්‍රාත්තුවල ප්‍රධාන වර්ග පහත පරිදි වේ.

සේවා කොන්ත්‍රාත්කරුවෙකු ලෙස ලියාපදිංචි වියහැක්‍කේ කෙසේ ද?

ලංකා විදුලිබල මණ්ඩලය ලියාපදිංචි පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඉහත සඳහන් සේවාවන් ලබාගනී. එහෙයින් අප හට සේවා සැපයීමට උනන්දුවක් දක්වන යමෙක්වේද සේවා සපයන කොන්ත්‍රාත්කරුවෙකු ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ ලියාපදිංචි වී තිබීම අවශ්‍ය වන්නේය.

සෑම ලංවිම පළාත් කාර්යාලයක් විසින්ම මෙම සේවාවන් සඳහා සාමාන්‍යයෙන් වාර්ෂික පදනම මත කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කරනු ලබන්නේය. කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචිය සඳහා කැඳවීමේ කටයුත්ත ජාතික පුවත්පත්වල දැන්වීම් පල කිරීම මගින් ආරම්භ කෙරේ. ඒ අනුව සෑම වසරකම අග භාගයේ (අගොස්තු/සැප්තැම්බර් මාසවල පමණ සිට) පෙර සඳහන් කරනට යෙදුනු ක්‍රියාකාරකම් සඳහා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීමට අදාල දැන්වීම් ජාතික පුවත්පත්වල පල කෙරේ. මේ පිළිබඳ උනන්දුවක් දක්වන අයවලුන්ට දැන්වීමට අදාල ලංවිම පළාත් කාර්යාලයෙන් ලබාගත හැකි ලංසු කැඳවීමේ ලේඛන/ය මගින් ඉල්ලා ඇති පරිදි ඔවුන්ගේ තොරතුරු ඉදිරිපත් කළ හැකිය. 

ලංකා විදුලිබල මණ්ඩලය වෙත තොරතුරු ලබාගැනීමෙන් පසුව එම තොරතුරු අදාල ලේඛනවල මුල් පිටපත් සමග පරික්ෂා කරමින්, අදාල පාර්ශව සම්මුඛ පරීක්ෂණවලට ලක් කරමින් ආදී ලෙස ඇගයීමට ලක් කරනු ඇත. එමෙන්ම තෝරාගැනීමේ ක්‍රියාවලිය සිදුවනු ඇත්තේ ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් අනුවය.

අවශ්‍යවන කොන්ත්‍රාත්කරුවන්ගේ සංඛ්‍යා‍ව අනුව සහ අයදුම්කරන ලද කොන්ත්‍රාත්කරුවන් සංඛ්‍යාව අනුව (ලංවිම සේවා අවශ්‍යතාවයන් සැපිරීමේ හැකියාව ඇති) අවසාන තේරීම සිදු කරනු ඇත. තෝරාගනු ලැබූ පාර්ශව කොන්ත්‍රාත්කරුවන් ලෙස ලියාපදිංචි කෙරෙනු ඇත. කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචිය සඳහා අදාල පුවත්පත් දැන්වීම් බොහෝදුරට පල කෙරෙනු ඇති කාලය පිළිබඳ තොරතුරු අදාල පළාත් කාර්යාලයේ ප්‍රධාන ඉංජිනේරු (වාණිජ)  සම්බන්ධ කරගැනීමෙන් ලබාගත හැකිය.