1990 දශකයේ මුල් භාගයෙන් පසු පළමු වරට ලංකා විදුලිබල මණ්ඩලය 2025 ජූනි මාසයේ දී එහි සම්පූර්ණ විදුලිබල ජනනයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වලින් සපුරා ගෙන ඇත. ඒ ජූනි මාසය අනෙකුත් මාස වලට වඩා ඉහළ ඉල්ලුමක් පෙන්වා ඇති තත්ත්වයක් යටතේ වීම සුවිශේෂ කරුණකි.
මේ සන්ධිස්ථානය, රටේ විදුලිබල සැපයුම 100% ක්ම පාහේ ජල විදුලිය මත පදනම් වූ මුල් කාලීන ප්‍රතිපත්තියෙන් සහ ඉන්පසු කාලයේ අනුගමනය ජල විදුලි-තාප විදුලි මිශ්‍ර ප්‍රතිපත්තියෙන් අපගමනය වීමක් පෙන්වන අතර, එය ශ්‍රී ලාංකීය විදුලිබල පද්ධතියේ පුනර්ජනනීය පංගුව වැඩි කිරීමට ලංවිම ගෙනයන ස්ථිරසාර වැඩපිළිවෙලේ සාර්ථකත්වය පිළිබිඹු කරයි