CEB | Business With CEB


ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානයේ 2024 නව වසරේ රාජකාරි ආරම්භ කිරීම


නව වසරේ රාජකාරි ආරම්භ කිරීම ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානයේ දී 2024 ජනවාරි මස 01 වැනි දින සිදුකෙරිණ. ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව නව වසරේ වැඩ ආරම්භ කිරීම සනිටුහන් කරමින් ජාතික ධජය එසවීම ලංවිම සභාපති, එන්.එස්. ඉලංගකෝන් මහතා විසින් සිදු කරන ලද අතර, ලංවිම ධජය එසවීම ලංවිම වැඩබලන සාමාන්‍යාධිකාරි, ඉංජිනේරු (ආචාර්ය) නරේන්ද්‍ර ද සිල්වා මහතා අතින් සිදු විය.

අනතුරුව 2024 නව වසරේ රාජකාරි ආරම්භ කිරීම නිමිති කරගත් වැඩසටහන පවත්වන ලද අතර, එහිදී ලංවිම සභාපති එන්.එස්. ඉලංගකෝන් මහතා විසින් ප්‍රධාන දේශනය පවත්වන ලදී

මෙම අවස්ථාවට ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සේවක මහත්ම මහත්මීන් රැසක් ද සහභාගී විය.

තවද, දිවයින පුරා සියලුම ලංවිම අංශ/ශාඛා/ඒකක ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් එම කාර්යාල පරිශ්‍ර තුළ රාජ්‍ය සේවා ප්‍රතිඥාව/දිවුරුම ප්‍රකාශ කිරීම සඳහා කටයුතු කරන ලදී.

අදාළ පුවත්