CEB | Business With CEB


උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට


“උමා දිය ජනනී” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය 2024 අප්‍රේල් මස 24 වැනි දින ඉරාන - ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරිණි.

මෙම උත්සව අවස්ථාවේදී ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් එක්ව සමරු ඵලකය නිරාවරණය කර “උමා දිය ජනනී” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරා දුන් අතර, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ විදුලි ජනන යන්ත්‍ර පණ ගන්වා මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම ද ජනාධිපතිවරු දෙදෙනා අතින් සිදු කෙරිණි.

මෙම ව්‍යාපෘතිය මඟින් වාර්ෂිකව ජාතික විදුලිබල පද්ධතියට ගිගා වොට් පැය 290 ක (290 GWh) විදුලි ධාරිතාවයක් සපයනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අදාළ පුවත්